සබරගමුවේ නවකවධය සිද්ධියට තවත් සිසුන් 4ක් අත්අඩංගුවට

සබරගමුවේ නවකවධය සිද්ධියට තවත් සිසුන් 4ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුන් හට නවක වධය ලබා දීමේ සිද්ධියට අදාළ තවත් සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලද පැමිණිල්ලක් අනුව එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුන් සිව් දෙනෙකු ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් අද (05) දින බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව එම විශ්වවිද්‍යාලයේම තෙවන වසරේ තවත් සිසුන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එම සිසුන් හෙට (06) දිනයේදී බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වයි.

COMMENTS