යුධ හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් 7979කුට උසස් වීම්

යුධ හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් 7979කුට උසස් වීම්

යුධ හමුවේ 76 වැනි සංවත්සරය නිමිත්තෙන්, කොමිෂන් නොලත් නිලධාරීන් 7979කුට උසස් වීම් ලබා දී තිබේ.

ඒ අනුව ලාන්ස් කොප්‍ර්ල් තනතරේ සිට බල ලත් නිලධාරී එක දක්වා එම උසස් වීම් ලබාදෙන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ මහතා සඳහන් කළේ ය.

පසුගිය 8 වැනිදා ආරම්භ වූ යුධ හමුදා සංවත්සර සැමරුම් උත්සව මාලාවේ අවසන් සැමරුම් උළෙල යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ යුධ හමුදා කඳවුරේදී පැවැත්වේ.

1949 වසරේ අද වැනි දවසක ආරම්භ වූ ශ්‍රි ලංකා යුධ හමුදාව මේ වනවිට රෙජිමේන්තු 25 කින් සමන්විතය.

මෙරට තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට අසීමිත කැප කිරීමක් කළ යුධ හමුදාවේ, ස්වභාවික ව්‍යසන අවස්ථාවන්හිදී ජනතාවගේ රැකවරණයට නිබඳව කැපවේ.

COMMENTS