සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) පූර්ව භාග 09.32ට උදාවිය.

ආහාර පිසීමේ නැකත පූර්වභාග 10.51ට යෙදී ඇති අතර රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරි බතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විළඳ ද පිළියෙළ කර ගතයුතු බව නැකත් සීට්ටුවේ දැක්වේ.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ, අපරභාග 12.06ටය.

රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කළ යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන්ය.

උදා වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්වභාග 6.55ට යෙදී තිබේ.

පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම සිදු කළ යුතුය.

හදිසි රාජකාරී සඳහා පිටත්ව යාමේ නැකත අප්‍රේල් මස 17 වන සිකුරාදා පූර්ව භාග 05.38ට යෙදී ඇති අතර අප්‍රේල් මස 20 වන සදුදා පූර්ව භාග 06.27ට හෝ පුර්ව භාග 06.50ට රැකී රක්ෂා සදහා පිටත්ව යාමේ නැකත යෙදී තිබේ.

එමෙන්ම අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.01ට පැල සිටුවීමේ නැකත යෙදී ඇති බව නැකැත් සීට්ටුවේ සඳහන්ය.

COMMENTS