ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවා

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා සති අන්තයේ විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබේ.
ජාතික ගමනා ගමන් කොමිෂන් සභාව පැවසුවේ සති අන්තයේ හා සඳුදා දිනයේ විශාල පිරිසක් යළි කොළඹට පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් අධිවේගී මාර්ගවල අතිරේක බස් සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
මොණරාගල, ඇඹීලිපිටිය, බදුල්ල, බණ්ඩාරවෙල සහ නුවරඑලිය වැනි ප්‍රදේශවල සිට එම විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා පවසයි.
මේ අතර අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යලි කොළඹ පැමිණීමට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අද සහ හෙට එම දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වනු ඇති.
අනුරාධපුරය, කන්කසන්තුරය, මාතර සහ බෙලිඅත්ත සිට නැවත කොළඹ බලා පැමිණීමට මෙම විශේෂ දුම්රිය ගමන්වාර ධාවනයට යොදවා තිබේ.

