ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 5000 ඉක්මවයි

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 5000 ඉක්මවයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 5000 සීමාව ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ඒ, 2025 වසරේ වාර්ෂික ආර්ථික විවරණය ප්‍රකාශයට පත් කරමින් ය.

ඒ අනූව 2025 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, ඩොලර් 5,003 කි.

2024 වසරේ දී ඩොලර් 4,546 ක් වූ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය වසරක් තුළ, අමෙරිකානු ඩොලර් 457 කින් ඉහළ ගොස් තිබේ.

ඊට පෙර වැඩිම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා කර තිබුණේ, 2018 වසරේදීයී.

එම අගය, ඇමරිකානු ඩොලර් 4,372 කි.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ 2022 වසරේදී ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, ඩොලර් 3,464 ක් ලෙස දැක්විය.

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය යනු රටක සමස්ත නිෂ්පාදන සහ සේවාවල මුළු වටිනාකම, රටේ ජනගහනයෙන් බෙදූ විට ලැබෙන අගයයි.

එය, රටක ආර්ථික ශක්තිය සහ නිෂ්පාදන හැකියාව තක්සේරු කිරීමට භාවිත කරන මිනුම් දණ්ඩකි.

COMMENTS