වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ මාර් ගෝපදේශ මාලාවක්

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇතැයි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, වෙසක් උත්සවය සැමරීමේදී සුදුසු නොවන සැරසිලි හා අංග ඇතුලත් කිරීම වැලැක්වීමේ අරමුණින් මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇති බවයි.
මෙවර වෙසක් පොහොය යෙදී ඇත්තේ, ලබන 30 වැනිදායි.
ලබන 27 වැනිදා සිට ජුනි 02 දක්වා වෙසක් සතිය ක්‍රියාත්මක වේ.

