වෙසක් පොහොය දිනය වෙනස්වීම ගැන පැහැදිලි කිරීමක්

වෙසක් පොහොය දිනය වෙනස්වීම ගැන පැහැදිලි කිරීමක්

මේ වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය මැයි මස 30 වෙනිදා යොදාගැනීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

ඒ, මේ පිළිබඳව සමාජයේ කතිකාවතක් නිර්මාණයවී ඇති පසුබිමකය.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ත්‍රෛයිනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා විසින් ජනාධිපතිවරයා වෙත සිදු කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බවය.

වෙසක් පුන් පොහොය දින විසා නැකත යෙදිය යුතු බව එම ස්වාමීන් වහන්සේලා පෙන්වාදී ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් මේ වසරේ ජනවාරි මස 06 වෙනිදා පැවති සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීමේදී ද සාකච්ඡා කර ඇත.

ඒ අනුව වෙසක් පුර පසලොස්වක දිනය මැයි මස 30 වෙනිදා ලෙස සැලකිය යුතු බවත් වෙසක් සතිය වශයෙන් මැයි 27 වෙනිදා සිට ජුනි 02 වෙනිදා දක්වා ප්‍රකාශයට පත් කළ යුතු බවත් යෝජනා වූ බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

COMMENTS