කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්

කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්

අද (07) සහ හෙට(08) දෙදින තුළ කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
ඒ වියට්නාම ජනාධිපතිවරයා මෙරට නිල සංචාරය හේතුවෙන්.

අද(07) පස්වරුවේ වියට්නාම ජනාධිපතිවරයා කටුනායක ගුවන්තොටුපළට පැමිණීමෙන් පසු අධිවේගී මාර්ගය, ග්‍රෑන්ඩ් පාස්, ඔරුගොඩවත්ත හන්දිය, බේස් ලයින් පාර, බොරැල්ල හන්දිය, ඩී එස් සේනානායක හන්දිය, හෝර්ටන් පෙදෙස, නෙළුම් පොකුණ වටරවුම, ආනන්ද කුමාරස්වාමී මාවත, පුස්තකාල හන්දිය, මල් පාර හන්දිය, ලිබර්ටි වටරවුම්, ශාන්ත මයිකල් වටරවුම, ශාන්ත මයිකල් පාර, ගාලු පාර, ශාන්ත මයිකල් පාර හන්දිය, ගාලු පාර, ගාලු මුවදොර වටරවම ගාලු මැද පාර, බාල දක්ෂ මාවත,එන්.එස්.ඒ වටරවුම ලෝටස් පාර සෙරමික් හන්දිය යෝක් වීදිය ඔස්සේ පැමිණීමට නියමිතයි.

වියට්නාම ජනාධිපතිවරයා ගමන් ආරම්භ කිරීමට පැය දෙකකට පෙර සිට පෙර සඳහන් කළ ගමන් මාර්ගයට බර වාහන ඇතුළු නොකරනු ඇති.

එමෙන්ම ජනාධිපතිවරයා ගමන් ආරම්භ කිරීමෙන් පසු ගමන් මාර්ගයට සියලුම වාහන ඇතුළු කිරීම සීමා කරන බවත් පොලීසිය පැවසීය.

එමෙන්ම හෙට (08) දිනයේදී වියට්නාම ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණීමට නියමිතයි.

එම කාලය තුළ එන්.එස්.ඒ වටරවම, ගාලු මැද පාර, බැංකු මාවත ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා බස් රථ ඇතුළු බර වාහන ඇතුල්වීම වියට්නාම ජනපතිවරයා ගමන් ආරම්භ කිරීමට පැය දෙකකට පෙර නැවැත්විය යුතු බවත් පොලීසිය පෙන්වා දෙයි.

COMMENTS