විදුලි බිල ඉහළට

2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
කෙසේ වෙතත් ඒකක 180ට අඩු ගෘහස්ථ කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු නොවන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.
විදුලි පිරිවැය ඉහළයෑම හේතුවෙන් රුපියල් බිලියන 38ක පමණ හිඟයක් මෙම කාර්තු සහ ඉදිරි කාර්තුවට බලපෑම සහ ප්‍රධාන කාරණා 3ක් මුල්කර ගනිමින් විදුලි ගාස්තුව 18%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.
කෙසේවෙතත් රු. බිලියන 15ක සහනයක් ලබාදීමට රජය ලිඛිතව එකඟවීමත් සමග 5%කට පමණ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාවකට පමණක් මෙම වැඩිවෙන විදුලි ගාස්තුව බලපැවැත්වෙන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.
ඒ අනුව 95%ටම මෙම විදුලි ගාස්තු වැඩිවීම අදාළ නොවන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ගාස්තු ඉහළ නැංවීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට සිදුවන බව සඳහන් වෙයි.
18%ක විදුලි ගාස්තු වැඩිවීම සිදුවන අයුරු…
ගෘහස්ථ පාරිභෝගික ඒකක 0 – 180 අතර, විදුලි ගාස්තු වැඩිවීමක් නොමැති අතර, 180ට වැඩි නම් 18%ක්
පොදු කාර්යය (GP 1/) ඒකක 180ට අඩු කාණ්ඩ සඳහා ගාස්තු වැඩිවීමක් නොමැති අතර, GP 2/GP 3 කාණ්ඩ සඳහා 18%ක්
සියලුම රාජ්‍ය ආයතන සඳහා 18%ක්
හෝටල් ක්ෂේත්රයේ H1 සහ H2 සඳහා ගාස්තු ඉහළ යෑමක් නොමැති අතර, පරිභෝජනය වැඩිනම් 18%ක්
සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා ගාස්තු වැඩිවීමක් නොමැති අතර, විශාල ප්‍රමාණයේ කර්මාන්ත සඳහා18%ක්
විදුලි පරිභෝජනය ඒකක 180ට අඩු පූජනීය ස්ථාන සඳහා ගාස්තු ඉහළ යෑමක් නොමැති අතර,
ඒකක 180ට වැඩි නම් 18%ක්

