ඩෙංගු රෝගීන් වාර් තාවීම ඉහළට

ඩෙංගු රෝගීන් වාර් තාවීම ඉහළට

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 28 713 ක් වාර්තා වී ඇති බවයි.

එම කාලසීමාවේ ඩෙංගු මරණ 15 ක් වාර්තා වී ඇතැයි ද, ඇය සඳහන් කළා ය.

මදුරු ගහනය ඉහළ යාම පාලනයට පියවර ගන්නැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර ජනතාවට දැනුම් දුන්නේ, නිවුස්ෆස්ට්හි ලිමල් උත්සර සමග සංවාදයකට එක්වෙමින් ය.

COMMENTS