බස් ගාස්තු සංශෝධනයක් නෑ

බස් ගාස්තු සංශෝධනයක් නෑ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල ඉහළ දැමුවද, බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිසම (NTC) පැවසීය.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින්ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින්ද ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගනු ලැබීය.

මේ අතර, ඉන්ධන ගාස්තු ඉහළ දැමීමත් සමඟ අන්තර් කාලීන බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු කරයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේ, ජූලි මාසයේ සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට පෙර මෙය ක්‍රියාත්මක කළ යුතු බවය.

ඒ අනුව ලබන මස දෙවෙනිදා සිට බලපැවැත්වෙන පරිදි සියයට පහක් ගාස්තු වැඩිවීමක් ඔවුන් අපේක්ෂා කරනු ලබයි.

COMMENTS