රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් IPL කිරුළ දිනා ගනී

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම අඛණ්ඩව දෙවැනි වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරයින් ලෙස කිරුළු පැළදුවේය.
ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග පැවති මෙවර අවසන් මහා තරගය කඩුලු 5කින් ජය ගනිමිනි.
අතුරු සිදුරු නැතුව ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ඉතිරී ගිය අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්විය.
කාසිය වාසිය ජයගත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් නායක රාජට් පතිදාර් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 155ක්.
වොෂිංටන් සුන්දර් නොදැවී ලකුණු 50ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී රාසික් සලාම් කඩුලු 3යි.
ලකුණු 156ක ඉලක්කයක හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම තරගය ජයගත්තේ පන්දුවාර 18ක් තුළ කඩුලු 5ක් දැවී සිටියදී.
සුපිරි පිතිකරු විරාත් කෝලි නොදැවී ලකුණු 75ක් රැස් කළේ ය.
ඔහුගේ ඉනිමට 4පහර 9ක් සහ 6 පහර 3ක් ඇතුළත්.
ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අඛණ්ඩව දෙවැනි වරටත් සිය ආදිපත්‍ය තහවුරු කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සමත් විය.

