අන්තර් ජාල මූල්‍ය වංචා පැමිණිලි 360ක්

අන්තර් ජාල මූල්‍ය වංචා පැමිණිලි 360ක්

ගෙවී ගිය මාසය ඇතුළත අන්තර්ජාල මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිද්ධීන් 360කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා පැවසුවේ, අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය ගනුදෙනු සිදුකිරීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතු බවය.

“පසුගිය උත්සවය සමයේ මෙන්ම වෙසක් හා පොසොන් සමයත් සමඟ බොහෝ වෙලාවට වෙළෙඳ සන්නාම ලෙස ජනතාව නොමඟ යවමින් සිදුකළ ව්‍යාජ දැන්වීම් ඔස්සේ තොරතුරු ලබාගැනීම්, කෙඩිට් කාඩ්වලින් තොරතුරු ලබාගැනීමේ සිදුවීම් වාර්තා වෙනවා පසුගිය මාසය පුරාවට. මේ ගැන ජනතාව විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. යම්කිසි ගෙවීමක් සිදුකරන්නේ නම් එය සිදුකරන්නේ නිවැරදි වෙබ් අඩවියෙන්ද යන වග තහවුරු කර ගත යුතුයි. පණිවිඩ ලෙස ලැබෙන වෙබ් අඩවිවලට ඔබේ තොරතුරු ඇතුළත් කිරීම කිසිසේත් නොකළ යුතුයි.”

COMMENTS