තෙල් මිල ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
නවතම දත්ත අනුව, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94.92 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.24ක වර්ධනයකි.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.04ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.08ක වැඩිවීමක් ලෙස වාර්තා වේ.
එමෙන්ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.09 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.76ක ඉහළ යාමක් ලෙස දැක්වේ.

