මෙනින්ජයිටීස් බවට සැක රෝගීන් 250 දෙනෙකු හඳුනා ගැනේ

මෙනින්ජයිටීස් බවට සැකකරෙන රොගීන් 250 කු පමණ මේ වන විට දිවයිනේ ප්‍රෙද්ශ කිහිපයකින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හරේන්ද්‍ර දසනායක සඳහන් කළේ දෙණියාය, රිකිල්ලගස්කඩ, දියතලාව, වැලිමඩ හා මහනුවර ප්රෙද්ශවලීන් රෝගීන් වාර්තා වී ඇති බවයි.
මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ එම රෝගීන්ගෙන් 50 කටත් වඩා අඩු පිරිසකි.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ හරේන්ද්‍ර දසනායක පැවසුවේ එන්ටරෝ වයිරස් කාණ්ඩයට අයත් වෙයිරසයකින් මේ දිනවල ව්‍යාප්ත වන මෙනින්ජයිටීස් රෝගය පැතිර යන බවට හඳුනාගෙන ඇති බවයි.
ඒ අනුව රෝගය වැළඳීමෙන් ආරක්ෂා වීම සඳහා නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥ හරේන්ද්‍ර දසනායක පැවසුවේ ය.

