ඇමරිකාව පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කරයි

ඇමරිකාව පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කරයි

ඉරානයේ බොරතෙල් සඳහා ඇමරිකාව පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කරන බව, ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ලබන අගෝස්තු 21 වැනිදා තෙක් දින 60ක පමණ කාලයක් ඉරානයට ඇමරිකාව ඇතුළු ලොව රටවලට බොරතෙල් අලෙවි කළ හැකියි.

ඉරානයට එලෙස ඇමරිකානු ඩොලරය හරහා බොරතෙල් ගනුදෙනු සිදුකිරීමට බලපත්‍ර හිමිවී ඇත්තේ දශකයකට පමණ පසුවයි.

කෙසේ නමුත් උතුරු කොරියාවට, කියුබාවට හෝ රුසියාව අත්පත්කරගෙන ඇති යුක්‍රේක බලප්‍රදේශවලට ඉරානයට බොරතෙල් අලෙවි කිරීමට අවසර නොමැති බවත් අමෙරිකාව අවධාරණය කළා.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා විවෘත සහ නිදහස් නෞකා ගමනාගමනයට ඉරානය කැපවී සිටීම මෙන්ම,
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පරීක්ෂකවරුන්ට ඉරානයට ඇතුළු වීමට අවසර දීම ඇතුළු
සාම සාකච්ඡා වල ප්‍රගතිය මත සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කල බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පවසනවා.

කෙසේ නමුත්,, ඉරාන විදේශ අමාත්‍යංශය පවසන්නේ,, එවැනි න්‍යෂ්ටික පරීක්ෂණයකට ඉරානය එකඟ නොවූ බවයි.

ෙමේ අතර ඉරානය, අවබෝධතා ගිවිසුමට අනුව කටයුතු නොකරන්නේ නම්, තමන් ඊට ප්‍රතිචාර වශයෙන් අවශ්‍ය පියවර අනුගමනය කරනු ඇති බවට ඩොනල්ඩ් ට්‍රම්ප් නව අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ඉරානයේ අක්‍රීය කර ඇති විදෙස් වත්කම් නිදහස් කිරීම තුලින්, ඉරානයට ලැබෙන මුදල් අමෙරිකාවෙන් පමණක් ආහාර මිලදී ගැනීමට භාවිත කලයුතු බවත් ට්‍රම්ප් පවසනවා.

කෙසේ නමුත්, ඉරාන මහ බැංකු අධිපතිවරයා සඳහන් කලේ වත්මන් අවබෝධතා ගිවිසුම යටතේ, ඉරානය අමෙරිකාවෙන් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමට බැඳී නොමැති බවයි.

COMMENTS