හිඟන මානසිකත්ව මේ රටේ මිනිස්සුන්ගේ හඳන්න එපා – විමල්ගෙන් අවවාදයක්

මාධ්‍ය පුරුදු වෙලා තියෙන්නේ සෟණාත්මක ප්‍රශ්නම අහාලා සෟණාත්මක උත්තරම දීලා හයියෝ මේ රට වැඩක් නෑ මේක වැඩකට නැති රටක් ඔන්න ඔය හිඟන මානසිකත්වය මේ රටේ මිනිස්සුන්ගේ හඳන්න එපා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ධනාත්මක සමාජයක් ගොඩනැගීමේ වගකීම මාධ්‍ය සතුව පවතින බවයි වීරවංශ මහතා පවසන්නේ.
අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව සදහන් කළේ, පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙල අමතමිනුයි.
අමාත්‍යවරයා දැක්වූ අදහස්,
මාධ්‍ය පුරුදු වෙලා තියෙන්නේ සෟණාත්මක ප්‍රශ්නම අහාලා සෟණාත්මක උත්තරම දීලා හයියෝ මේ රට වැඩක් නෑ මේක වැඩකට නැති රටක් ඔන්න ඔය හිඟන මානසිකත්වය මේ රටේ මිනිස්සුන්ගේ හඳන්න එපා. ලෝකයේ හැම රටක්ම අර්බුද වලට මුහුණ දුන්නා. ඒකට මුහුණ දීලා ඉස්සරහට යන්න ඕනේ, අහන්න ප්‍රශ්නයක් ඉසරහට යන්න මොකක්ද කරන්න ඕනේ කියලා.
අවුරුදු 30කට වැඩි කාලයක් තිස්සේ රෝල ගහමින් ආපු ගමනක කෙළවරට ඇවිල්ලා තියෙනවා. කොයි පාලනය ආවත් මුහුණ දෙන්න වෙන දුෂ්කරතාවයක් තියෙනවා,ඒ දුෂ්කරතාවයට අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා,ඒ අර්බුදය ඇතුලේ ගොඩ ඒමේ මාර්ගයකුත් පේනවා.මෙතන තියෙන අඩුපාඩුව මම දකින්නේ මේ අර්බුදය හැදුනේ කොහොමද ? මේක මග හරවා ගන්නේ කොහොමද ? කියන එක ආණ්ඩුවේ පැත්තෙනුත් අනෙක් පැති වලිනුත් ඇත්ත සාකච්ඡාවක් නොවීම යනුවෙන් පැවසීය.

