විදුලිය කපන් නෑ – සාකච්ඡා සාර්ථකයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදුලි කප්පාදුවක් නොකරන බව ඇමති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළා.
එම සාකච්ජාවේදී ඉන්ධන නැව් දෙකක් සඳහා මුදල් ගෙවීමට කැමැත්ත පළ වීම නිසා විදුලි කප්පාදුව සිදු කිරීමට අවශ්‍ය නොවන බවයි ඇමතිවරයා වැඩිදුරටත් පවසන්නේ.
“බොහෝම සාර්ථකයි සාකච්ඡාව. අපි විදුලිය කපන්නේ නැතුව යන්න වැඩපිළිවෙලක් ලෑස්ති කරා. විදුලිබල මණඩලයයි, තෙල් සංස්ථාවයි තෙල් ආනයනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාව තිබ්බේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. මමත් බලශක්ති ඇමති තුමත් අවශ්‍ය නිලධාරින් හිටියා. එතැන දී ජනාධිපතිවරයා කිව්වා විදුලිය විසන්ධි නොකර යන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න කියලා.”

