මෝඩ යකා සල්ලි ගහලා ?

මෝඩ යකා සල්ලි ගහලා ?

මෙරට ඉහළම නායකයෙකුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයෙකු එම නායකයාගේ වැටුප ඔහුගේ අනුදැනුමකින් තොරව ලබා ගෙන ඇති බව හෙළිදරව් වෙයි.

බැංකු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙසේ ලබාගෙන ඇති මුදල රුපියල් කෝටි 5 ඉක්මවන බවයි.

අදාළ නායකයා වසර ගණනාවක් තිස්සේම තමන්ට ලද මාසික මන්ත‍්‍රී වැටුප ලබා ගෙන නැති අතර එය දීර්ඝ කාලයක් තිස්සේ අදාළ බැංකු ගිනුමේ තැන්පත් වී තිබිනි.

නමුත් මෑත කාලයේ දී එම බැංකු ගිණුමේ තිබූ මුදල් සියල්ල ඉන් ඉවත් කරගෙන ඇති බව දැනගෙන ඇත්තේ දැනට දින කිහිපයකට පෙරයි.

මේ පිලිබදව හෙලිවූ වහාම අදාළ පුද්ගලයා ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා වෙමින් ඇත.

මෙසේ ඉවත් කරන ලද පුද්ලයාට එම නායකයා විසින් කලකට පෙර ‘මෝඩ යකා’ යයි ප‍්‍රසිද්ධියේ අමතනු සමා ජාලාවල විකාශය විය.