මේ ආණ්ඩුව ප්‍රභාකරන් හිටියනං ඉල්ලනවා ඩොලර් ණයක්

මේ ආණ්ඩුව ප්‍රභාකරන් හිටියනං ඉල්ලනවා ඩොලර් ණයක් සමගි ජන බලවේගය විසින් පවත්වපු මාධ්‍ය හමුවේදී වජිත් විජිත මුණි සොයිසා මේ බව කියා සිටියා.
එතුමා දැක්වූ අදහස්.
“දැන් මම නම් කියන්නේ ප්‍රභාකරන් හිටියානම් අනිවාර්යයෙන් මේ ආණ්ඩුව ප්‍රභාකරන්ගෙන් ඉල්ලනවා ඩොලර් ණයක්, ඒ ගැන කතා දෙකක් නෑ අනේ මචෝ අපට මේ වෙලාවේ අමාරුයි උබ කියක් හරි දීපං, අපි රටෙන් කෑල්ලක් හරි දෙන්නම් කියලා අනිවාර්යයෙන් ඒ වැඩේ කරනවා. උතුර නැගෙනහිර විකුණලා හරි, ඒ වැඩේ කරනවා.”
“ගාලු මුවදොර අක්කර 20යි, යටියන්තොට අක්කර 50යි, පැල්වත්තේ අක්කර 1200යි, මොණරාගල අක්කර 5000යි, හම්බන්තොට අක්කර 5000යි, මේ ටික විකුණලා අන්තිමට විකුණන්න ඉතුරු වෙලා තියෙන්නේ, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අන්තිමට පාර්ලිමේන්තුව කොළඹින් ඉතුරු වෙලා තියන්නේ මේ ටික විතරයි.යන්න කලින් මේ තුනත් විකුණලා පලයල්ලා,එතකොට සියලු දොස් නිවාරණයි”. යනුවෙන් පැවසීය.

