ජනතාවට පාපැදියෙන් යන්න කියන අය යන්නේ V8 වලින්

පාපැදියෙන් රැකියාවට යන ලෙස කියා ආණ්ඩුව ජනතාවට යෝජනා කරන බවත්, එහෙත් එසේ යෝජනා කරන පුද්ගලයන් ගමන් යනුයේ V8 වැනි සුඛෝපභෝගී මෝටර් රථවල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.
“ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට” යැයි කියා තමන් ඔවුන්ට පවසන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය. මේ වන විට “තරගෙට මෙන්” රාජ්‍ය ආයතනවල සභාපතිවරු ඉල්ලා අස්වෙන බවත්, එසේ අස්වන්නේ හොරකම, අල්ලස, දූෂණය, වංචාව එම ආයතන තුළ පවතින නිසා බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජනබලවේගයෙන් හුස්මක්” සහ “ජනසුවය” ඒකාබද්ධව මීගොඩ ආයුර්වේද රෝහලට ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කරනු ලැබූ අවස්ථාවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. ඊයේ (27 වැනිදා) පෙරවරුවේ විපක්ෂ නායකවරයා විසින් අදාළ ත්‍රිරෝද රථය රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

