ඩෙංගු දිස්ත්‍රික්ක12 ක අධි අවදානම් කළාප – ඩෙංගු වැඩිම කොළඹ

ජාතික ඩෙංගු මර්දන ඒකකය ඩෙංගු අධි අවධානම් කළාප ලෙස දිස්ත්‍රික්ක 12 ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 81 ක් හදුනාගෙන තිබෙනවා
කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, යාපනය, මහනුවර, රත්නපුර, අම්පාර, ත්‍රිකුණාමලය සහ මාතර යන දිස්ත්‍රික්ක මෙසේ අධි අවධානම් දිස්ත්‍රික්ක ලෙස හදුනාගෙන ඇති බවයි පැවසෙන්නේ.
මෙම ජනවාරී මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 7000 ක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
මෙම මස වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය ගම්පහ, කළුතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් ද ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවත් පවසනවා.

