මවක් අතින් තම දැරියව වලස් කුටියට අත ඇරේ (වීඩියෝ)

උස්බෙකිස්තානයේ සත්වෝද්‍යානයක වලසකුගේ කුටියට වැටුණු තෙහැවිරිදි දැරියක් සත්වෝද්‍යානයේ සේවකයන් විසින් බේරාගෙන තිබෙනවා.
“සිය මව සමග වලස්කුටිය බලමින් සිටි මේ දැරිය මවගේ අතින් ගිලිහී වලස් කුටියට වැටෙන අවස්ථාවේ අසල සිටි නරඹන්නන් කෑගසා තිබේ.
සූලූ නමින් හඳුන්වන මෙම වලසා දැරිය වෙත පැමිණ ඉවකර ඉවතට ගොස් ඇත.
සිද්ධිය සැලවීමත් සමගම සත්වෝද්‍යානයේ සේවකයන් වලසාව ඇතුළත කුටියකට යවා දැරියව බේරාගෙන තිබේ.



