ජනවාරියේ උද්ධමනය 14.2%කින් ඉහළට, ආහාර උද්ධමනය 25%යි

2022 ජනවාරි මාසයේදී මෙරට මතුපිට උද්ධමනය 14.2% දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම නිවේදනයේ මේ බව දැක්වෙයි.
ආහාර කාණ්ඩයේ දී ජනවාරි මස උද්ධමනය 25% දක්වා ඉහළ ගොස් ඇති බව එම නිවේදනයේ දැක්වේ.
ආහාර නොවන කාණඩයේ උද්ධමනය ජනවාරියේ දී 9.2% ඉහළ ගොස් ඇත.


ලෝකයේ ආහාර උද්ධමනය අනුව ශ්‍රි ලංකාව මේ වන විට සිටින්නේ දොළොස් වන ස්ථානය වන අතර එකොළොස් වන ස්ථානයේ හයිටියත්, දසවන ස්ථානයේ ඇන්ගෝලාවත් පසුවෙයි.
ආසියානු කලාපයේ දී ආහාර උද්ධමනයෙන් ශ්‍රි ලංකාව සිටින්නේ සිව්වන ස්ථානයේ වන අතර ශ්‍රී ලංකාවට ඉහළින් ඇත්තේ සිරියාව ඉරානය සහ ලෙබනනයි.
සාමාන්‍ය උද්ධමනය අනුව ආසියානු කලාපයේ ශ්‍රී ලංකාව සිටින්නේ හතර වන ස්ථානයේ ලෝකයේ උද්ධමනය අනුව ශ්‍රී ලංකාව දහ තුන්වන ස්ථානයේ පසුවන්නේ සැම්බියාව ට සහ නයිජීරියාවට යටින් සිටිමිනි.
එම වාර්තාව මෙතනින් බලන්න https://bit.ly/3ofPYg1

