උතුරු කොරියාවෙන් ආයුධ ගත්ත කතාව රටේ කීර්ති නාමයට හානියක්

උතුරු කොරියාවෙන් ආයුධ ගත්ත කතාව රටේ කීර්ති නාමයට හානියක්

යුද සමයේදී රාජපක්ෂ ආණ්ඩුව කලු සල්ලි යොදවා උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත්තැයි මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශය ජාත්‍යන්තර වශයෙන් රටේ කීර්ති නාමයට හානියක් බැවින් මුදල් ඇමති පාර්ලිමේන්තුවේ දී ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (2) පැවසීය.

මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශය නිසා ජාත්‍යන්තර සංවිධාන වල සහය රජයට ලැබේ දැයි ප්‍රශ්නයක් තිබෙන බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී මේ බව කියා සිටියා.