ලොව ජනප්‍රිය රූපවාහිනී තරුවක් අනතුරකට ලක්වෙයි

ලොව ජනප්‍රිය රූපවාහිනී තාරකාවක් මෙන්ම ව්‍යවසායකයෙකු වන සයිමන් කවෙල් හදිසි අනතුරකට ලක්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහුගේ විද්‍යුත් පා පැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇති බවයි.
මෙම අනතුර ඇසින් දුටුවන් පවසන්නේ සයිමන්ගේ පාපැදිය ලිස්සා ගොස් ඔහු විසවී ගොස් මාර්ගයට ඇදවැටී ඇති බවයි.
අනතුරුව ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ සයිමන් ආරක්ෂිත හිස් වැස්මක් හෝ පැලද නොසිටි බවට තොරතුරු වාර්තා වේ.
62 හැවිරිදි වියේ පසුවන සයිමන් මීට පෙර අවස්ථාවකදී ද මෙවැනි අනතුරකට ලක්ව ඇත.

