CNN සභාපති ඉල්ලා අස්වෙයි

CNN පුවත් සේවයේ සභාපති ජෙෆ් සකර් සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
CNN පුවත් සේවය වාර්තා කළේ ජෙෆ් සකර්, CNN හි ඉහළ නිලයක් දරන කාන්තාවක් සමග රහස් සම්බන්ධයක් පවත්වා ඇති බව හෙළිවීමෙන් අනතුරුව සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බවය.
සකර් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ මීට මාස දෙකකට පමණ පෙර ඔහු විසින් CNN හි ප්රමුඛ ප්රවෘත්ති නිවේදකයෙක් වන ක්‍රිස් කුඕමෝ ඉවත් කිරීමෙන් අනතුරුවවීම බොහෝදෙනා පුදුමයට පත්කර තිබේ.
ඔහුගේ සහෝදරයා වන නිව් යෝර්ක් හි හිටපු ආණ්ඩුකාර ඇන්ඩ්රු කුඕමෝ ට එරෙහිව ලිංගික අපචාර චෝදනා එල්ලවූ විට එයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව උපදෙස් දුන් බවට ක්‍රිස් කුඕමෝ ට එරෙහිව චෝදනා එල්ලවුණි.

