සෙල්ලක්කාර හැසිරීම් නතර කරන්න, වන අලින්ට හිංසා කරන අයට මහේලගෙන් සැර කතාවක්

මහා මාර්ග අසලට පැමිණ සිටින වන අලින්ට රථ වාහනවල ගමන් ගන්නා පුද්ගලයින් විසින් විවිධ හිරිහැර සිදුකර ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක් පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියා.
ඒ අනුව මෙම සිද්ධීන් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවදානය මේ වනවිය ඒ දෙසට යොමු වී තිබෙනවා.
එලෙස රියදුරෙකු විසින් වන අලියෙකුට හිරිහැර කරන ආකාරය දැක්වෙන, සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන ප්‍රතිචාර දක්වා තිබෙනවා.
එහිදී මහේල පවසා ඇත්තේ “මෙය ශ්‍රී ලංකාවේ සිදු වූ පළමු අවස්ථාව නොවන අතර මේ සෙල්ලක්කාර හැසිරීම නවතා සතුන්ට සාමකාමීව ජීවත් වීමට කාලය පැමිණ ඇත” යනුවෙන් සටහනක් තබා ඇත

