ඉන්දීය ගීත කෝකිලාවිය අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් ආසාදනයවී සිටින ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිණි ලතා මංගෙෂ්කාර් අභාවප්‍රාප්තවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
අද (06) පෙරවරුවේ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී යි ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ.
ඉන්දීය සිනමාවේ සංගීත ක්ෂේත්රය ම සිය සුමධුර හඬින් දිග්විජයක් බවට පත් කළ මංගෙෂ්කාර් රෝහල්ගත කරනු ලැබුවේ කොවිඩ් 19 රෝගය ආසාදන වීම හේතුවෙන්.
සති දෙකකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඇය, ඊයේ (05) පස්වරුවේ දැඩි සත්කාර ඒකකයේ සිටියදී ම තත්ත්වය ඇයගේ බරපතළ වී ඇති බවට ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඇය අභාවප්‍රාප්ත වන විට 92 හැවිරිදි වියෙහි පසුවූවා.
ඉන්දීය අසහාය ගායිකා ලතා මංගේෂ්කාර් මැතිණියගේ අභාවය පිළිබඳ My NewsLanka අපගේ බලවත් ශෝකය!!!

