චාල්ස්ගේ බිරිඳ කැමිලා රැජිනක් වෙයි

චාල්ස් කුමරුගේ බිරිඳ වන කෝන්වෝල්හි ආදිපාදිවරිය හෙවත් කැමිලා පාකර් බෝල්ස්, චාල්ස් කුමරු කිරුළු පළදින විට රැජිනක් ලෙස හැඳින්විය යුතු බව බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් මහරැජින ප්‍රකාශ කර තිබෙනවා.

95 හැවිරිදි මහරැජින මේ බව ප්‍රකාශ කර ඇත්තේ රාජකීයත්වයට පත්වීමෙන් 70 වසරක් සපිරීමේ දියමන්ති ජුබිලිය සැමරීමට පෙරයි.
එලිසබෙත් මහරැජින රාජකීයත්වයට පත්වූයේ 1952 වසරේ පෙබරවාරි 6 වනදා එනම් අද වැනි දිනකයි.

චාල්ස් – ඩයනා විවාහය දෙදරා යාමට හේතුවූ කැමිලා බ්‍රිතාන්‍ය පොදු ජනතාවගේ පිළිගැනීමට ලක්වේ ද යන්න පිළිබඳ සැකයක් පැවති අතර, මහරැජින විසින් ඒ සඳහා ඇයට පවතින බාධකයක් ඉවත් කළ බවයි බ්‍රිතාන්‍ය පුවත්පත් සඳහන් කළේ.
මීට පෙර ඇය චාල්ස් කුමරුගේ වල්ලභ ස්ත්‍රිය ලෙස හැඳින්වුව ද රැජිනක් ලෙස හැඳින්වීමට සුදුසුකම් ලබා සිටියේ නැහැ.

