ගීත කෝකිලාවිය ලතා මංගෙෂ්කාර්ගේ අවසන් මොහොතේ ෂාරුක්ගෙන් උපහාර

භාරතයේ ගී කෝකිලාවිය, ලතා මංගෙෂ්කාර්ගේ වියෝව නිසා මේ වන විටත් බොලිවුඩ් පුරයම සිටින්නෙ කම්පාවෙන්.මෙම කණගාටුදායක පුවත සැල වූ මොහොතේ සිටම ලතාට, ලතාගේ ඒ හඬට ආදරය කළ බොහෝ පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ සිය ශෝකය ප්‍රකාශය කළා.
ඇයට අවසන් ගෞරව දක්වන්නට බොලිවුඩයේ සුපිරි තරු බොහෝමයකුත් පැමිණ සිටියා.
එම විශේෂ පුද්ගලයින් අතර, නරේන්ද්‍ර සිං මෝදිද සිටියා.

ෂාරුක් ඛාන්, රන්බීර් කපූර්, අමීර් ඛාන්, විද්‍යා බාලන් වැනි බොහෝ දෙනෙක් ලතාට ‘සුබ ගමන්’ කියන්නට පැමිණ සිටි අතර, කාගෙත් අවධානය යොමු වූ සංවේදී සිදුවීමක් ඒ අතර සිදුවුණා.
ඒ බොලිවුඩයේ ඉහළින්ම වැජඹෙන සුපිරි තරුව ෂාරුක් ඛාන් ලතා මංගෙෂ්කාර් දෙස බල පැළඳ සිටි මුව ආවරණය ඉවත් කොට හිස නමා ආචාර කිරීම වඩාත් සංවේදී වූ දසුනයි.

මල් කළඹක් රැගෙන එන ෂාරුක් ඒවා පසෙකින් තබා, ඇය වටා ගොස් අවසානයේ පැළඳ සිටි මුව ආවරණය ඉවත් කොට හිස නමා ආචාර කර දෙපා ස්පර්ශ කිරීම වඩාත් සංවේදී වූ දසුනක් වුණා.
මෙම ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා

අවසන් ගමනට යන්නට ලතා මංගෙෂ්කාර්ගේ සෑය දැල්වූයේ ඇගේ සොයුරු හදවත්නාත් මංගේෂ්කාර් විසිනුයි. අග්‍රාමත්‍ය මෝදි ඇතුළු අතිවිශාල පිරිසක් මුම්බායි හි ශිවාජි උද්‍යානයට එක්ව සිටියේ ඇයට “ගිහින් එන්න” කියන්නයි.

