සෞඛ්‍ය වැඩවර්ජනය දිගටම – වෘත්තීය සමිතිවලට සෞඛ්‍ය ඇමතිගෙන් සාකච්ඡාවක්

සෞඛ්‍ය වැඩවර්ජනය දිගටම – වෘත්තීය සමිතිවලට සෞඛ්‍ය ඇමතිගෙන් සාකච්ඡාවක්

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ හෙද, අතුරුවෛද්‍ය සහ පරිපූරක සේවාවන්හි වැටුප් හා දීමනා විෂමතා ඉවත්කිරීම ඇතුළු ගැටලුවලට විසඳුම් ලබාදෙන තුරු වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරනවා.

හෙද, අතුරුවෙද්‍ය සහ පරිපූරක සේවාවන්හි වෘත්තීය සමිති 18ක් එක්ව ඊයේ (7) උදෑසන සිට රට පුරා රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (8) දහවල් දැවැන්ත විරෝධතාවයක් ද පවත්වන බවත් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු සහ පිළිකා රෝහල් මෙන්ම මධ්‍යම ලේ බැංකුව තුළ දැනට මෙම වර්ජනය ක්‍රියාත්මක කර නැතත්, තමන්ට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් එම ස්ථානයන් හිද වැඩවර්ජනය ආරම්භ කරන්නට වනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම සිය ගැටලු සම්බන්ධයෙන් අද (08) දිනයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සභාපති සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.