ඕස්ට්‍රේලියාවේ ඉහළම වැටුප ගන්න ශ්‍රී ලංකාවේ ෂෙමාරා

ඩොලර් 200ක මුදලක් අතැතිව ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ දියණියක් දැන් එරට ඉහළම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන බව වාර්තා වනවා.
ඇය මේ වනවිට සතියකට ඩොලර් 315,000ක් උපයන බවයි පැවසෙන්නේ.

ඕස්ට්‍රේලියාවේ විශාලතම ආයෝජන බැංකුව වන Macquarie Group හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ෂෙමාරා වික්‍රමනායක ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරි බවට පත්ව සිටින්නීය
Macquarie සමූහ ප්‍රධාන විධායක ෂෙමාරා වික්‍රමනායක 2021 දී ඩොලර් මිලියන 16.39 ක් උපයා ඇති බව එරට බැංකුව සිය නවතම වාර්තාවෙන් නිවේදනය කර තිබෙනවා.
2019 වසරේදී, ඇය ඕස්ට්‍රේලියාවේ ඉහළම ආදායම් ලබන ප්‍රධාන විධායක නිලධාරියා බවට පත් වූ පළමු කාන්තාව වුණා

ඇය ඒ වනවිට 60 හැවිරිදි වියේ පසු වුණා.
ඇගේ පවුල ඕස්ට්‍රේලියාවට පැමිණ අඩසියවසකට ආසන්න කාලයකට පසු, ෂෙමාරා ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නිල වශයෙන් නම් කරනු ලැබුවා
එම පදවිය ලබා ගත් පළමු කාන්තා විධායකවරිය ලෙසයි ෂෙමාරා ඉතිහාසගත වන්නේ.

