නිවිතිගල දී සහරා ෆ්ලෑෂ්ලට ප්‍රහාරයක් (වීඩියෝ)

නිවිතිගල පොදු ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක් අවසානයේ දී එම ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිසක් සංගීත කණ්ඩායමේ වාදන හා විද්‍යුත් භාණ්ඩ වලට අලාභ හානි කර ඇතැයි ප්‍රසංගයේ සංවිධායකයින් විසින් නිවිතිගල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මෙම සිදුවීමෙන් රුපියල් ලක්ෂ 14ක පමණ අලාභයක් සිදු වී ඇති බව, පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන්.
රාත්‍රී 11.30 ට පමණ සංගීත ප්‍රසංගය නිමා කිරීම ගැන කෝපයට පත් පිරිසක් වේදිකාවට පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ.
ක්‍රීඩා පිටිය වට කර තිබූ ටකරන් සහ යකඩ බට ද එම පිරිස් විසින් ගලවා තිබෙනවා.
නර්තන කණ්ඩායමේ නැටුම් ශිල්පිනියන්ගේ ඇඳුම් බෑග් කිහිපයක් ද සොරාගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.
සංගීත කණ්ඩායමේ වාහනයකට ද මෙම පිරිස් අලාභ හානි සිදුකර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි නිවිතිගල පොලිසිය සඳහන් කළේ.

