ජනපතිගෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

රෝහල් සේවා කටයුතු සහ විදුලිබල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයේ විදුලිබල සැපයුම, රෝහල් කටයුතු, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම්, පිළිගැනීම්, රැකවරණ, පෝෂණය කිරීම් සහ ප්‍රතිකාර කිරීම් යන සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබෙනවා.
මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනය අද (12) හයවන දිනටත් ක්‍රියාත්මකයි.

