රටවල් සමඟ ගනුදෙනු කරන්න ආනයන හා අපනයන කොටස් දෙකම වැදගත්

රටවල් සමඟ ගනුදෙනු කරන්න ආනයන හා අපනයන කොටස් දෙකම වැදගත්

රටවල් සමඟ ගනුදෙනු කරන්න ආනයන හා අපනයන කොටස් දෙකම වැදගත් බව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසනවා.

එතුමා මේ අදහස් දක්වා සිටියේ අද (14) ජාඇල Logistic Park, සැපයුම් ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියට මුල් ගල තැබීමේ උත්සවය අමතමිනි.

එතුමා දැක්වූ අදහස්

“ලෝකයේ රටවල් සමඟ ගනුදෙනු කිරීමේදී ආනයන හා අපනයන යන කොටස් දෙකම එක හා සමානව වැදගත් වෙනවා.මේ අංශ දෙක හරහාම රටකට අදායම් ලැබෙනවා, රැකියා උත්පාදනය වෙනවා, ආර්ථික අවස්ථා සැළසෙනවා.එහිදී මේ Logistic එහෙමත් නැත්තම් ගුදම් හා අනිකුත් පහසුකම් කියන අංශය ඉතාමත් වැදගත් වෙනවා.”

“සැපයුම් හා පහසුකම් සැපයීමෙන් පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක විදේශ විනිමයක් උත්පාදනය කිරීම හා නව රැකියා අවස්ථා රැසක් බිහි කිරීමේ අරමුණින් ගරු නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව, මාගේ මෙහෙයවීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා.
මෙම ආයෝජන මධ්‍යස්ථානය මගින් ගම්පහ දිස්ත්‍රික්කයේ ශක්තිමත් ආයෝජන මධ්‍යස්ථානයක් ගොඩ නැගෙන අතර දෙස් විදෙස් ආයෝජකයන් දිරිගැන්වීමටත් ඔවුන් වෙත ආයෝජන අවස්ථාව ලබා දීමටත් හැකියාව උදා වෙනවා.” යුනුවෙන් පැවසිය.

ඒ අනුව ඇක්සස් ඉංජිනියරින් පෞද්ගලික සමාගමට අයත් ඇක්සස් ලංකා පාර්ක් (ඒකල) පෞද්ගලික සමාගම ,නාගරික සංවර්ධන අධිකාරිය සමඟ එක්ව අධිකාරිය සතු ජා ඇල, ඒකල පිහිටි ඉඩමක මෙම අයෝජන ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවා.

මෙම අවස්ථාවට ජාඇල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර,ඇක්සස් ඉංජිනියරින් සමාගමේ සභාපති සුමල් පෙරේරා ,කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ ප්‍රනාන්දු , ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී ශ්‍රී මාල් ප්‍රනාන්දු , ජාඇල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලලිත් නිශාන්ත අබේවික්‍රම යන මහත්වරුන් ඇතුළු සියනෑ කතිකා ක්‍රියාකාරීන් හා රාජ්‍ය නිළධාරී මහත්ම මහත්මීන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුනා.