එක වෙඩිල්ලක්වත් නොතබා බටහිර රටවල් ලැජ්ජාවට පත් කළා

එක වෙඩිල්ලක්වත් නොතබා බටහිර රටවල් ලැජ්ජාවට සහ විනාශයට පත් කළ බව රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා සඳහන් කර තිබෙනවා.
2022 පෙබරවාරි 15 බටහිර යුද ප්‍රචාරණය අසාර්ථක වූ දිනය ලෙස ඉතිහාසගත වනු ඇති බවයි ඇය නිවේදනය කර ඇත්තේ.
නැවත තම සේනාංක කඳවුරු වෙත ගමන් කරන බව රුසියාව නිවේදනය කිරීමත් සමග ඇමෙරිකාව නිකුත් කළ නිවේදනය හේතුවෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා මේ බව නිවේදනය කළා.

