කොටවෙහෙර සොරකමේ නිවැරදි තොරතුරු දෙන අයට රු. ලක්ෂ 10ක මුදලක්

රඹුක්කන දැලිවල ඓතිහාසික කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ දඹ රන් කරඬුව ඇතුළු කරඬු නවය සොරකම් කිරීම සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරක් ලබා දෙන්නකුට රුපියල් ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග කරන බව කොට වෙහෙර රජමහා විහාරාධිපති පුස්සැල්ලේ ආරියවංශ හිමියෝ පැවසූහ.
උන් වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ ඉකුත් 11 වැනිදා රාත්‍රි හෝ 12 වැනිදා අලුයම විහාරස්ථානයේ ධාතු මන්දිරයේ ඉහළ මාලයේ ආරක්ෂිත මංජුසාවක තැන්පත් කර තිබුණු දඹ රන් කරඬුවක්, දම් පැහැති හා සුදු පැහැති පළිගු කරඬු දෙකක්, කේෂ ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබුණු පළිගු කරඬුවක්, රන් කරඬ් පහක් හා කරඬුව සහිත මංජුසාවක් යම් කිසි පිරිසක් විසින් සොරකම් කරගෙන යාම සම්බන්ධයෙන් විහාරස්ථානයේ දී ඊයේ (17 වැනිදා) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

