බැසිල්ගේ ඉංග්‍රීසි වල වරදක් නෑ, වරදක් ඇත්නම් පෙන්වා දෙන්න – පතිරණ

බැසිල්ගේ ඉංග්‍රීසි වල වරදක් නෑ, වරදක් ඇත්නම් පෙන්වා දෙන්න – පතිරණ

ශ්‍රී ලංකාවට ගැලපෙනම ඉංග්‍රීසි භාෂා ක්‍රමය බැසිල් රාජපක්ෂ මහතා භාවිතා කරන ක්‍රමය බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන විට බොහෝ දෙනෙකු දේශීය භාෂාෙවන් ද ඇතැම් වචන යොදා ගන්නා බවද හෙතෙම පවසයි.

මේ ආකාරයෙන් ඉංග්‍රීසි භාවිතා කරන්නන් තමන් දැක ඇත්තේ දෙදෙනෙක් බවත් එක් අයෙක් විශ්වවිද්‍යාලයක කුලපතිවරයෙක් බවත් අනෙක් පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතා බවත් හෙතෙම පෙන්වා දෙයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ වීඩියෝවේ ඇති එකම ඉංග්‍රීසි වරදක් හෝ ඇතිනම් පෙන්වා දෙන ලෙස ද හෙතෙම අභියෝග කරයි.

ඔහු මේ අදහස් පල කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් පළකරමිනි.

කතා බහට ලක්වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඩේලි මිරර් වෙබ් අඩවියේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසූ අදහසක කොටසක් ‘කපුටාස් හිට්ද ප්ලේන්‘ යනුවෙන් අර්ථ දක්වමින් සමාජ ජාලවල පැතිරෙමින් යනවා. එයට පිළිතුරු ලෙසයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සිය ෆේස් බුක් ගිණුමේ අදහස් දක්වා සිටියේ.

බැසිල් රාජපක්ෂ මහතා ඩේලි මිරර් වෙබ් අඩවියේ වීඩියෝ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසූ වීඩියෝව මෙතනින් නැරඹිය හැකියි. https://bit.ly/3p2olrr