“දෙපා අහිමි අම්මා” රෝද පුටුවේ සිට තම දරුවාව බලා ගන්නා අපූරුව
අම්මා කියන කෙනාට මේ ලෝකේ සමාන කල හැකි වස්තුවක්, කෙනෙක් තවත් නැහැ
දරුවන් වෙනුවෙන් සිය ජීවිතයම කැපකර සිටින ඇය තමන් ගැනවත් නොසිතා දරුවන්ගේ හෙට දවස ගැන සුබ සිහින දකියි.
තමන් කෙතරම් අපහසුතා වින්දත්, අසීමිත වේදනා වින්දත් ඇයගේ එකම ප්‍රාර්ථනය වන්නේ දරුවන්ගේ යහපතයි.
ඔවුන්ගේ මුහුණේ සිනහව වෙනුවෙන් ඇයට කළ නොහැකි දෙයක් නොමැත.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින සංවේදී මෙන්ම අප්‍රමාණ මව් සෙනෙහස පිරුණු මේ ඡායාරූප දකින කාටත් මව් සෙනෙහස ගැන වෙනත් නිර්වචන අනවශ්‍ය බව නම් සහතිකයි
දරුවන් වෙනුවෙන් අදටත් කැපවෙන, කැපවූ සියලු මවි වරුන්ට පිදෙන උපහාරයක් ලෙස අප මෙම ඡායාරූප මෙලෙස පල කර සිටිමු.