ශ්‍රී ලංකාවේ නිල් මැණික් 25ක් ඩුබායි රාජ්‍යයට

ශ්‍රී ලංකාවේ නිල් මැණික් 25ක් ඩුබායි රාජ්‍යයට

ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනය සඳහා මෙරට ප්‍රධාන මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෝ 11 දෙනෙක් සහභාගිවීමට නියමිතව තිබෙනවා.

පෙබරවාරි 26 වැනිදා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ දී මෙරට ඉතා වටිනා මැණික් ගල් 25ක් ප්‍රදර්ශනය කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ නියෝජිතයෝ පිරිසක් ඊයේ (22) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ නිල් මැණික් (Blue Sapphires) සඳහා ලොව පුරා පවතින ඉල්ලුම සැළකිල්ලට ගනිමින් නිල් මැණික්වලට සමඟාමීව සංචාරක ප්‍රවර්ධනය මෙහි ප්‍රධාන ඉලක්කයක් බවයි ඔවුන් අගමැතිවරයාව දැනුවත් කරමින් කියා සිටියේ.