යුරෝපයේ අඳුරුතම පැය කිහිපයද මේ ? යුක්‍රේනය රුසියන් ප්‍රහාරක යානා හයක් බිම හෙළයි

යුක්රේනය සහ රුසියාව අතර ඇති වූ යුද ගැටුම් අතර තුර රුසියාවේ ප‍්‍රහාරක ගුවන් යානා 5 ක් සහ ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානාවක් බිම දැමූ බව යුක්රේන හමුදා පවසයි.
මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මේ වන විට යුක්රේන මිසයිල ආරක්ෂණ පද්ධතිය සහ ගුවන් හමුදා කඳවුරු සම්පූර්ණයෙන්ම අඩපණ කර අවසන් බවයි.
ලූහන්ස්කා පළාතේ යුක්රේන පාලනයේ තිබූ ෂිරම්ස්කි සහ ස්ටැනිට්සියා ලූහන්ස්කයා නගර දෙක මේ වන විට ලූහන්ස්කා ජනරජ සමුහාණ්ඩුවට යටත් වී තිබෙනවා.එමෙන්ම ලූහන්ස්කා ජනරජය විසින් යුක්රේන හමුදාවේ ඩ්‍රෝන දෙකක් බිම දමා තිබෙනවා.
මේ වන විට ඩොනේට්ස්ක් ජනරජ සමුහාණ්ඩුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ අවි බිම තබා බාර වෙන යුක්රේන හමුදා නිලධාරීන්ට සමාව ලැබෙන බවයි.
මේ වන විට යුරෝපා සංගමය විසින් රුසියානු යුද මෙහෙයුම ක‍්‍රියාත්මක වන ප‍්‍රදේශ වල සිටින තම රටවල පුරවැසියන් මුදවා ගැනීමේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
චීනය යුරෝපා රටවල් මෙන් යුක්රේනයට ආයුද ලබා නොදෙන බවත් යුක්රේනයේ සිටින තම ජනතාවට ඔවුන්ගේ වාහනවල තම කොඩිය ප‍්‍රදර්ශනය කරන මෙන් පවසා තිබෙනවා.
එමෙන්ම තමන්ගේ රටේ ආයුධ අවශ්‍ය සියල්ලන්ටම ආයුධ නිකුත් කරන බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy පවසන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා
රුසියාව සහ යුක්‍රේනය අතර ඇති අර්බුදයන් උත්සන්න වීමත් සමග පසුගිය සතිවලදී යුක්‍රේන සිවිල් වැසියන් මූලික හමුදා පුහුණුව ලැබූ බවද සඳහන් වනවා
එමෙන්ම යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුක්‍රේනය රුසියාව සමග පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිල වශයෙන් කපා හැර ඇති බව ජනාධිපති Volodymyr Zelensky මාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා.
මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ අඳුරුතම පය කිහිපයක් වන බව එය යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෙප් බොරෙල්ගේ සඳහන් කරනවා.

