ඇමති මැදිහත්වීමෙන් කුඩාඔය අමුණේ වැලිකැණීම් බලපත්‍රය අත්හිටුවයි

ඇමති මැදිහත්වීමෙන් කුඩාඔය අමුණේ වැලිකැණීම් බලපත්‍රය අත්හිටුවයි

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මහවැලි බී කලාපයේ විජයබාහුපුර කොට්ඨාසයේ කුඩාඔය අමුණේ වැලි ලබාගැනීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර තිබූ වැලි කැණීම් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන ඇත.

මෙම ස්ථානයේ වැලි කැණීම නිසා පාරිසරික හානි සිදුවන බවට එල්ලවන මහජන විරෝධතා සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.