අද සහ හෙට විදුලිය කපන්නේ දිවා කාලයට පමණයි

අද සහ හෙට විදුලිය කපන්නේ දිවා කාලයට පමණයි

අද (26) සහ හෙට (27) යන දෙදින තුළ රාත්‍රී කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළා.

අද (26) දිනයේ දිවා කාලයේ සිදුකරන විදුලිය කප්පාදුව ද අවම කර ඇති අතර, ඒ,බී සහ සී කලාප සඳහා දිවා කාලයේ පැය 03ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

සෙසු කලාප සඳහා අද (26) දිනය තුළ විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැය දෙකහමාරක කාලයක් සඳහා පමණක් බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර හෙට (27) දිනයේ දිවා කාලයේ පමණක් විදුලිය කප්පාදුව සිදු කෙරෙන අතර ඒ අනුව ඒ, බී සහ සී කලාප සඳහා පැය දෙක හමාරක කාලයක් එලෙස විදුලිය කප්පාදු කිරීම සිදු කරන බව සඳහන්.