ප්‍රංශය රුසියානු නෞකාවක් අත්අඩංගුවට ගයි

ප්‍රංශය රුසියානු නෞකාවක් අත්අඩංගුවට ගයි

රුසියානු හමුදා යුක්රේනයට පහරදීම නිසා පනවන ලද යුරෝපා සංගමයේ සම්බාධක උල්ලංඝනය කළ බවට සැක කෙරෙන රුසියානු භාණ්ඩ නැවක් අතලාන්තික් මුහුදේ ප්‍රංශය සහ එංගලන්තය වෙන් කෙරෙන මුහුදු සීමාවේදී ප්‍රංශ බලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රංශයේ රුවොන් සිට මෝටර් රථ රැගෙන ශාන්ත පීටර්ස්බර්ග් බලා ගමන් කරමින් සිටි මෙම නෞකාව අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව උතුරු ප්‍රංශයේ වරායක් වෙත රැගෙන ගොස් ඇත.

ප්‍රංශ නාවික මුර සංචාර අතර තුර රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාව පරික්ෂා කර ඇති අතර වැඩි දුර පරීක්ෂණ සඳහා උතුරු ප්‍රංශයේ වාරයක් වෙත මෙසේ රැගෙන ගොස් ඇත.

ප්‍රංශයේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ද මේ බව තහවුරු කර ඇත.

නෞකාව අත් අඩංගුවට ගන්නා මොහොතේ කාර්ය මණ්ඩලය 19 දෙනකු සිට ඇති අතර මේ පිළිබඳ රුසියානු තානාපති කාර්යාලය මෙම සිද්ධියට විරුද්ධත්වය ප්‍රකාශ කර ප්‍රංශ විදේශ අමාත්‍යංශයට ලිපියක් යවා ඇත.

https://bbc.in/3M4Nqfc