ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයට රුසියාවෙන් ප්‍රහාර

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන යුක්රේනයේ නිෂ්පාදිත Antonov-225 Mriya, යුක්රේන අගනුවර කිව් අසළ Hostomel ගුවන් තොටුපළ, රුසියානු ප්‍රහාරයකින් විනාශ වී ඇති බවට සැක පහළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
එම ගුවන් යානයේ බවට සැක කෙරෙන ඡායාරූප කිහිපයක්ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.
“රුසියානු ආක්‍රමණිකයන් යුක්රේන ගුවන් සේවයේ ප්‍රමුඛයා වන ජනප්‍රිය An-225 Mriya විනාශ කළහ. එය සිදු වූයේ කියෙව් අසල හොස්ටොමෙල් හි ඇන්ටනොව් ගුවන් තොටුපළේදී ය,
”උක්‍රොබොරොන්ප්‍රොම් සිය ෆේස්බුක් පිටුවේ පැවසීය. ගුවන් යානය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඩොලර් බිලියන 3 කට වඩා වැඩි මුදලක් වැය වන බවත් දිගු කාලයක් ගතවනු ඇති බවත් එහි සඳහන් විය.


