මේ වසරේ වැඩිම උද්ධමනය පෙබරවාරියේ – 15% ඉක්මවයි

මේ වසරේ වැඩිම උද්ධමනය පෙබරවාරියේ – 15% ඉක්මවයි

මේ වසරේ වැඩිම උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තා වී තිබෙනවා.

ඒ අනුව පසුගිය පෙබරවාරි මාසයේදී මතුපිට උද්ධමනය සියයට 15.1 ක් වන අතර ජනවාරි මාසයේ එය වාර්තා වී තිබුණේ සියයට 14.2 ක් ලෙසයි.

මෙය පෙර මාසයට සාපේක්ෂව සියයට 0.9 ක ඉහළ යෑමක් බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ’

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන්වල සිදුවී ඇති ඉහළ යෑම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.