ජවිපෙන් රට පුරා විරෝධතා මාලාවක්

ජවිපෙන් රට පුරා විරෝධතා මාලාවක්

ඉන්ධන අර්බුදයට විසඳුම් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් රට පුරා ප්‍රධාන නගර ගණනාවක උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට සංවිධානය කර ඇත.

‘ජනතාව පෙළෙන තෙල් හා විදුලි අර්බුදයට වහා විසඳුම් ලබාදෙනු’ යන මැයෙන් එම විරෝධතා මාලාව පැවැත්වේ.

මෙම විරෝධතා මාලාව කොළඹ. කලුතර, පානදුර, ගම්පහ, පුත්තලම, කෑගල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, මොනරාගල, මාතලේ, අනුරාධපුර, අම්පාර, කුරුණෑගල යන ප‍්‍රදේශවල සංවිධානය කර ඇත.