සෞඛ්‍ය අංශවල අලුත්ම අනාවරණය

ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තවීමත් සමඟ ඉදිරියේදී කොවිඩ් 19 රෝගය ඉතා සාමාන්‍ය රෝගී තත්ත්වයක් බවට පත්වීමේ හැකියාව පැවැතියද තවත් වසර ගණනාවක් යන තුරු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අත්‍යාවශ්‍ය වන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
සෞඛ්‍ය අංශ අවධාරණය කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා ක්රියාකළහොත් ඉදිරියේදී යළිත් වසංගත තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව පවතින බවයි.
කොවිඩ් 19 ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ දෛනිකව වාර්තා වන ආසාදිතයින්ගේ වර්ධනයක් පසුගිය කාලය තුළ දක්නට ලැබුණා.
කෙසේ වෙතත් මේ වන විට ආසාදිතයින් වාර්තාවීමේ සුළු අඩුවීමක් දක්නට ලැබෙන අතර සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ වාර්තා නොවන ආසාදිතයින් බොහෝ දෙනෙකු සමාජය තුළ සිටින බවයි.
මේ අතර ඊයේ දිනයේ ආසාදිතයින් 751 දෙනෙකු මෙරටින් වාර්තා වුණා.
ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 647,699 ක්.
ඉන් ආසාදිතයින් 609,292 ක් සුවය ලබා තිබෙනවා.
සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 22,140 ක්.
කොවිඩ් 19 ආසාදිත මරණ 23 ක් සිදුවූ බවට ඊයේ තහවුරු කිරීමත් සමග සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 16,267 දක්වා ඉහළ ගියා.
කොවිඩ් මර්දනය සඳහා එන්නත් කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක වන අතර තුන් වන මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව මේ වන විට ලබාදී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 7,227,824 ක්.

