විමල් සහ උදයගේ තටු කපයි – පවිත‍්‍රාට සහ එස්.බීට නව අමාත්‍යධූර

විමල් සහ උදයගේ තටු කපයි – පවිත‍්‍රාට සහ එස්.බීට නව අමාත්‍යධූර

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිය අමාත්‍ය ධුරවලින් ඉවත් කර තිබේ.

ඒ, ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(2) (අ) ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, එම තීරණය අද(03) සිට ක්‍රියාත්මක බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.

මේ අතර ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධුරයේ අද පස්වරුවේ දිවුරුම් දුන්නේය.

ඒ, ජනාධිපතිවරයා ඉදිරියේදීය.

ගාමිණී ලොකුගේ මහතා දැරූ විදුලිබල අමාත්‍ය ධුරයේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දිවුරුම් දී තිබේ.

නව කර්මාන්ත අමාත්‍යවරයා ලෙස එස් බී දිසානායක මහතා දිවුරුම් දී තිබෙනවා.